අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දුම්කොළ නිවාරණ දිනය අදයි- ලොව පුරා මිනිස් ජීවිත මිලියන 06ක් වාර්ෂිකව මරණයට Featured

    මැයි 31, 2016

    ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මැයි 31 වන දිනට යෙදී ඇති ''ලෝක දුම් කොළ නිවාරණ දිනය''  අදට යෙදී තිබේ. මෙවර තේමාව වී ඇත්තේ,''Plain Packaging ''සඳහා සූදානම් වෙමු යන්නයි.


    මෙවර තේවාමේ අරමුණ වී ඇත්තේ, අලංකාර රහිත වූ ඇසුරුම්කරණයක් සඳහා සූදානම් වෙමු යන්නයි.

    ලෝකයේ මේ වනවිටත් වසංගතයක් වී ඇති දුම්කොළ වසංගතය නිසා ලොව පුරා මිනිස් ජීවිත මිලියන 06ක් වාර්ෂිකව මරණයට පත්වෙයි. මින් ලක්ෂ 06කට වඩා මිනිස් ජීවිත ගණනාවක් ලොවට අහිමි වන්නේ, තමන් දුම්පානය නොකළත් අනුන්ගේ දුම්පානය නිරාවරණය වීම හේතුවෙනි.මේ තත්ත්වය වහා පාලනය නොකළහොත් වසර 2030 වනවිට වාර්ෂිකව මිලියන 08ක් මිනිස් ජීවිත මෙලොවින් තුරන් කිරීමට මෙම දුම්කොළ වසංගතය ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    වසරකට ශ්‍රී ලාංකික ජීවිත 20,000ක් බිලිගන්නා දුම්කොළ වසංගතය, දිනකට කෝටි 29ක් මෙරට සිගරට් භාවිතය නිසා පුළුස්සා දමන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නිවේදනය කරයි.


    මේ වනවිට රූපමය සෞඛ්‍ය අවවාද දැකීම තුළින් අලුතින් පිරිසක් දුම්වැටි භාවිතයට යොමු වීම අවම වීමත් දැනට භාවිත කරන අයගේ සිගරට් භාවිතය අවම වීමත් සිදුව ඇතැයි දැනට ලෝකයේ සිදු කර තිබෙන සමීක්ෂණ මඟින් ඔප්පු වී තිබේ.

    මෙවැනි බොහෝ උපක්‍රම හා ප්‍රවර්ධන කටයුතු පාලනය කිරීමට මෙවර දුම්කොළ නිවාරණ දිනයේ තේමාව සැකසී තිබේ. Plain Packaging ( අලංකරණ රහිත වූ ඇසුරුම්කරණය'' යනුවෙන් අදහස් කරන්නේ, සිගරට් පැකට් ඇසුරුම්කරණයේ සිදුවන වෙනස්කම් පිළිබඳවයි.


    දුම්කොළ සමාගම් හි සෘජු හා වක්‍ර සියලු උපක්‍රම හෙළි කරමින් අලංකරණ රහිත වූ සිගරට් පැකට් ඇසුරුම්කරණයට මෙවරලෝක දුම්කොළ නිවාරණ දිනයේ සිට සූදානම් වෙනු යැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ජනතාවගෙන් ඉලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya