මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩවර්ජනයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම්- වෛද්‍ය පාලිත මහීපාල Featured

    මැයි 31, 2016

    වැඩවර්ජනය  ක‍්‍රීයාත්මක වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩවර්ජනය පිළිබඳව කරුණූ දැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    රෝගී ජනතාව අපහසුතාවයට පත් නොකිරීම අපගේ අරමුණයි. ජනතාව අපහසුතාවයට පත් කරන වැඩවර්ජනවල නිරත නොවන ලෙස මා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් ඉල්ලා සිටිනවා.මතුව ඇති ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකි බව මාගේ විශ්වාසයයි.

    පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය සකස් කිරීමේ දී අමාත්‍යවරාගෙන් කිසිදු බලපෑමක් ඇති නොවූ බව ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya