මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා ඊශ්‍රායල් අතර අවබෝධතා ගිවිසුමක්

    මැයි 26, 2016

    ඊශ‍්‍රායල් රජය හා ශ‍්‍රී ලංකාව අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් කිරීම ඊයේ (25) සිදු කෙරිණි.

     එමඟින් ඊශ‍්‍රායලයේ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයින් රැකබලා ගැනීම හා සාත්තු කිරීම සඳහා ශ‍්‍රී ලාංකික සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සිදු කෙරෙන අතර මෙම අවබෝධතා ගිවිසුම යටතේ පළමුවරට සාත්තු සේවිකාවන් 50ක් බඳවා ගැනීමට නියමිතය.

    මෙම සාත්තු සේවිකාවන් සඳහා දැනට රැකියා නියෝජිත ආයතන මඟින් බඳවා ගැනීමට අයකරන පිරිවැයට වඩා අඩු බඳවා ගැනීමේ ගාස්තු අයකරන අතර, ඔවුන්ගේ ආරක්‍ෂාව හා රැකවරණය පිළිබඳව ඊශ‍්‍රායල් රජයේ ඝෘජු මැදිහත්වීමක් මෙමඟින් සිදුවේ.

    මෙම අවබෝධතා ගිවිසුම යටතේ පළමු පියවර ලෙස සාත්තු සේවිකාවන් බඳවා ගැනීමේ නියාමන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන අතර, එය සාර්ථක වීමෙන් පසුව බඳවා ගැනීම් තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාශය සඳහන් කරයි.
     
    මෙම ගිවිසුම තුළින් දෙරට අතර, රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තවදුරටත් වර්ධනය වන අතර, එමඟින් ඊශ‍්‍රායලයේ ඇති රැකියා සම්බන්ධව ශ‍්‍රී ලංකාවට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරයි. විශේෂයෙන්ම ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා වැඩි අවස්ථාවන් මේ හරහා ලබා දේ.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඊශ‍්‍රායල් රජය නියෝජනය කරමින් ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ ඊශ‍්‍රායල් තානාපති ඩැනියෙල් කාමන් මහතා සහභාගි වූ අතර, ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කාර්යාංශයේ සභාපති ආර්. කේ. ඔබේසේකර මහතා සහභාගි විය.


    ඊයේ දිනයේ මෙම නියෝජිතයින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විදේශ රැකියා අමාත්‍යංශයේදී මුණගැසුණහ. මෙහිදී දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තර කරගැනීමටද සාකච්ඡා  කළ අතර අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ඊශ‍්‍රායලයේ රැකියා අවස්ථාවන් වැඩි ප‍්‍රමාණයක් ලාංකික ශ‍්‍රමිකයින්ට ලබාදෙන ලෙසත්, එමඟින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් සඳහන් කළාය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya