අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර අබෝධතා ගිවිසුමක්

    මැයි 26, 2016

    මැලේසියාවේ විශාලතම කෘෂි කර්මාන්ත ආයතනයක් වන සයිම් ඩර්බි (sime darby plantation) ආයතනයේ රැකියා 5,000 ක් ශ‍්‍රී ලංකාවට ලබාදීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (25) විදේශ සේවා කාර්යාංශයේදී සිදු වූ බව එම කාර්යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මුල්ම අදියර යටතේ පිරිමි ශ්‍රමිකයින් 500කට රැකියා හිමි වන අතර 800 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකට සහභාගි කරවීමෙන් පසු තෝරා එම පිරිස නොමිලේ ලබා දෙන ගුවන් ටිකට්පත් මඟින් රැකියා සඳහා පිටත් කර යැවීම සිදු වන බව ශ්‍රී ලංකා විදේශ රැකියා සමාගමේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතා පවසයි.

    මෙම රැකියා සඳහා එක් අයෙකුට රුපියල් 55,000 ට වඩා වැඩි වැටුප්ක් හිමිවන අතර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි ඉතිරි රැකියා අවස්ථාවන් ද කඩිනමින් ගෙන්වා ගන්නා බව සඳහන් කළේය.

    විදේශ රැකියා ඒජන්සි සමාගම මඟින්, ඉදිරියේදී නව රැකියා වෙළඳපොල රැසක් කෙරෙහි අවධානය කර තිබේ.

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගිය වසරේ මැලේසියාවේ සිදු කළ සංචාරය  සංචාරයේදී එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ප‍්‍රජාව හමුවී සාකච්ඡා කළ අතර ඒ අනුව, ලාංකික ශ‍්‍රමිකයින්ට මැලේසියාවේ පවතින වෙළඳපොළක් තුළ මෙරට ශ‍්‍රමිකයින්ට ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් ඉල්ලා තිබේ.

    2015 වර්ෂයේදී මැලේසියාවේ රැකියා සඳහා ලාංකිකයින් 3,234 දෙනෙකු පිටව ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya