මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා වන්දි ලබාගැනීමට ග්‍රාම නිලධාරී වෙත වහාම ලියාපදිංචි වන්න Featured

    මැයි 25, 2016

    පසුගියදා දිවයිනේ පෙදෙස් කිහිපයක සිදු වූ ජලගැලීම්, නායයෑම් ඇතුළු ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් විනාශ වූ නිවාස හා දේපළවලට වන්දි ලබාදීම සිදුකරන බැවින් එවැනි හානි පිළිබඳව තම ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරි වෙත වහා ලියාපදිංචි කරන මෙන් රජය විපතට පත් වූ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මෙවනි විපත් ඇති වන අවස්ථාවන්හි සිදුවන නිවාස හා දේපළ හානිවලට වන්දි ගෙවීමට හැකිවන පරිදි රජය විසින් මුළු දිවයිනටම බලපාන පරිදි රු. කෝටි 1,000ක (රු. බිලියන 10) රක්ෂණ ආවරණයක්, රක්ෂණභාර අර මුදල වෙතින් ලබාගෙන තිබේ.

     

    මේ යටතේ පසුගිය දා ඇති වූ ස්වාභාවික විපත්වලින් හානියට පත් වූ නිවාස හා දේපල වලට රු. ලක්ෂයේ සිට රු. ලක්ෂ 25 දක්වා වන්දි ගෙවනු ලැබේ. මෙසේ වන්දි ලබාගැනීම සඳහා ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි කරන ලද නිවාස හා දේපළ තක්සේරු කිරීම කඩිනමින්  අවසන් කිරීමට හැකිවන පරිදි ඉක්මණින් ලියාපදිංචි කරන ලෙස වැඩිදුරටත් දන්වනු ලැබේ. මේ වන විට පූර්ණ වශයෙන් නිවාස 540 ක් හා අර්ධ වශයෙන් නිවාස 4,190 ක් හානියට පත්ව ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

     

    මේ අතර විපතට පත් වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීම හා ඔවුන්ගේ සියලුම ආකාරයේ අවශ්‍යතාවන් සැපයීම සඳහා අවශ්‍ය මුදල් කිසිදු සීමාවකින් තොරව නිදහස් කිරීමට මහාභාණ්ඩාගාරය වෙත රජය විසින් උපදෙස් දී ඇත.

     

    ජලගැලීම සිදු වූ මොහොතේ සිට විපතට පත් ජනතාව එම විපතින් බේරාගැනීම ඇතුළුව අවශ්‍ය කරන සියලුම ආධාර ලබාදීම පිණිස මහාභාණ්ඩාගාරය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත රු. මිලියන 200ක් මේ වන විට නිදහස් කර ඇත. එසේම ජනතාවට අවශ්‍ය හදිසි ආධාර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, රජයේ නිලධාරීන් හා මහජනතාවගේ ද සහය ඇතිව ලබාදීම සිදු විය.

     

    මෙම ජලගැලීම් හා නායයෑම් හේතුවෙන් පවුල් 57,089 ට අයත් පුද්ගලයින් 229,573 ක් අවතැන් විය. එයින් බොහෝ පිරිස් දැනට තම නිවෙස්වලට ගොස්  සිටින නමුදු පවුල් 25,954 ට අයත් පුද්ගලයන් 120,132 ක් තවමත් සුබසාධන කඳවුරුවල රැඳී සිටිති. දැනට මොවුන් සඳහා සුබසාධන කඳවුරු 265 ස්ථාපිත කොට ඇති අතර එම ජනතාව ආපසු තම නිවෙස්වලට යන තෙක් ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ඇතුළු අනෙකුත් සියුම ද්‍රව්‍යමය අවශ්‍යතාවන් සැපයීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් කටයුතු යොදා ඇත.

     

    විපතට පත් වූ ජනතාව අතර සිටින පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත් , පාසල් නිල ඇඳුම් හා අනෙකුත් අවශ්‍යතාවයන් රජය විසින් සපයනු ලැබේ. මෙම අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබාදෙනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දෙනු ලැබේ.
    මෙම විපත සිදු වූ වහාම විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන් විසින් පිසූ ආහාර හා වියළි ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා ලබාදීම පිළිබඳ රජය කෘතවේදිත්වය පළ කර සිටි.

     

    විපතට පත් ජනතාවගේ ඉදිරි අවශ්‍යතා සැපයීම සඳහා ක‍්‍රමාණුකූල වැඩපිළිවෙළක් රජය විසින් දැනටමත් දියත් කර ක‍්‍රියාත්මක කරමින් පවතින බැවින් විපතට පත්වූවන්ට තවදුරටත් ආධාර සැපයීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලීන් වේ නම් මූල්‍ය වශයෙන් එම ආධාර සපයන ලෙස රජය ඉල්ලා සිටියි. එම මුදල් ආධාර කොළඹ 07, නිදහස් චතුරශ‍්‍රයේ ලංකා බැංකු ශාඛාවේ විවෘත කර ඇති අංක 7040171 යන ආපදා සහන ගිණුමට බැර කළ හැකිය.
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya