මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා පාසල්වලට නවීන ඩෙස් පුටු බෙදා හැරේ

    පෙබරවාරි 10, 2016

    පැරණි යකඩ රාමු ඩෙස් පුටු වෙනුවට දිවයින පුරා පාසල් වෙත නව තාක්ෂණයෙන් යුතු ඩෙස් පුටු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.

    ඇතැම් පාසල්වල ඩෙස් පුටු අලුත්වැඩියාව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් අය කිරීම වළක්වා නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව දිවයිනම ආවරණය වන පිරිදි ජාතික පාසල් 350ක්, ප්‍රාථමික පාසල් 3577ක්, පාසල් දහස වැඩසටහන යටතේ ක්‍රියාත්මක පාසල් 1000ක්, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාතක්මක වන පාසල් 616ක්, සියලුම වතු පාසල් සහ මෙතෙක් රජයේ කිසිඳු ව්‍යාපෘතියකට ඇතුළත් නොවූ පාසල් 1360ක් ඩෙස් පුටු ලබාදීම සඳහා තෝරාගෙන තිබේ.

    මෙහි දී දරුවන්ගේ වයස් සීමාව, සෞඛ්‍ය ආරක්ෂාව හා දරුවන් අධ්‍යාපනය ලබන ශ්‍රේණිය පිළිබඳවද අවධානය යොමු කරමින් විදෙස් තාක්ෂණය යොදාගනිමින් මෙම ඩෙස් පුටු සකස් කරනු ලැබේ.

    දැනටමත් සක්‍රිය කොට ඇති මෙම වැඩසටහන යටතේ උසස් පෙළ තාක්ෂණික විද්‍යාගාර ඇති පාසල් 250ක් සඳහා මේ වන විට ඩෙස් පුටු හා ලී බඩු ලබාදී තිබෙන අතර පාසල් 340ක පවතින අබලන් ගොඩනැඟිලි හා ඩෙස් පුටු අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 2 බැඟින් රුපියල් මිලියන 680ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් වෙන් කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya