අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිපතිවරයා සම්බන්ධ ප්‍රශ්නය දිහා දේශපාලන වශයෙන් බලන්නේ නෑ

    පෙබරවාරි 09, 2016

    නීතිපතිවරය සම්බන්ධ ප්‍රශ්නය දිහා දේශපාලන වශයෙන් බලන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳ කළ විමසීමේ දී අඳහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    කාලයක් අහක බලාගෙන සිටි ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කරන්නට විපක්ෂය ඉදිරිපත් වීම සතුටට කරුණක්.කාලයක් අහකබලාගෙන තිබුණා. මේක හොඳ ආදර්ශයක්.අපි නීතිපතිවරය සම්බන්ධ ප්‍රශ්නය දිහා දේශපාලන වශයෙන් බලන්නේ නෑ.මට හතුරෝ හා මිතුරෝ නෑ නීතිපති දෙපාර්තමේන්තුවේ.මේරටේ නීතිපති, අගවිනිසුරු පත් කිරීමේ දී සම්ප්‍රදායක් තිබුණා. එය පසුගිය දසකයේ කඩා වැටුණා. ජනාධිපතිතුමා නමක් කිව්වාම ව්‍යවස්ථාදායක සභාවට තීරණයක් ගන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya