මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අවට සිල්ලර හා පෙට්ටි කඩවල් පරීක්ෂාවට පියවර Featured

    අගෝස්තු 02, 2015

    වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉදිරි දිනෙක සියලුම පාසල් ඉදිරිපිට ඇති පෙට්ටි කඩවල් මෙන්ම සිල්ලර කඩවල් සියල්ල ද පරික්ෂා කිරිමේ බලතල අදාළ නිලධාරින්ට පැවරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

    පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, දිස්ත‍්‍රික් ආහාර පරික්ෂක හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුලු සෞඛ්‍ය කණ්ඩායම් සඳහා ඊයේ (31) මෙම විශේෂ චක‍්‍රලේඛය නිකුත් කෙරිණි.

     

    ඒ අනුව දිවයිනේ සියලුම පාසල් අසල තිබෙන පෙට්ටි කඩවල් හා සිල්ලර කඩවල් පරීක්ෂා කිරිමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

     

    මාවා, බිඩා, පන්පරාග්, බාබුල්, ස්පේ‍්‍ර කෝලා වැනි විවිධ නම්වලින් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය වර්ග මෙන්ම, ට‍්‍රැමඩෝල් වැනි ඇතැම් වේදනා නාශක පෙති වර්ග හා මදන මෝදක ගුළි ද පාසල් දරුවන්ට පාසල් ඉදිරිපිට තිබෙන මෙම පෙට්ටි කඩවලින් අලෙවි කිරිම විශේෂත්වයකි. මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ගැනීම මඟින් මෙම ජාවාරම්කරුවෝ විශාල ආදායමක් ලබන අතර ඇතැම් පාසල් සිසුන් යොදා ගැනීම මගින් පාසල් තුළට ද මෙම මත්ද්‍රව්‍ය යවා, ලාබාල සිසුන් ඊට ඇබ්බැහි කිරීමේ තත්ත්වයක් ද පවතී.

     

    එසේම මෙම දිනවල පාසල් නිවාඩුව පැවතිය ද, පැවැත්වීමට නියමිත අ.පො.ස උසස්පෙළ විභාගය නිසා පාසල් දරුවන්ට ලැබෙන නිදහස් වාතාවරණය තුළින් මෙවැනි ඇබ්බැහිකම්වලට ගොදුරුවීමට ඇති ඉඩකඩ වඩා වැඩිය.

     

    මේ නිසා විභාගය පැවැත්වෙන අතරතුර මෙන්ම හෝ ඊට පෙර මෙම වැටලීම් සිදු කර එවැනි ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද, මෙම වැටලීම්වල දී පොලිස් නිලධාරින්ගේ සහාය ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත.

     

    පාසල් අසල තිබෙන බොහෝ කඩවල්වල පාසල් සිසු දරුවන් මතට පොළඹවා ගැනීම සඳහා විවිධ මත්ද්‍රව්‍ය විශේෂ අලෙවි කිරිමේ ජාවාරමක් කාලයක් තිස්සේ හොර රහසේ කරගෙන යන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

     

    මෙවැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම මඟින් මුඛ පිළිකා වැනි බෝ නොවන රෝග ද, ස්නායු ආබාධ හා නින්ද නොයාම මෙන්ම වෙනත් මානසික රෝගවලට ද ගොදුරුවීමට ඉහළ ඉඩකඩක් පවතින බව වෛද්‍යවරු අවධාරණය කරති.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya