මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධි සංක්‍රමණයන්ට එරෙහි ශ්‍රී ලංකාවේ නීතියට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රසාදය

    මාර්තු 27, 2015

    නීති විරෝධි සංක්‍රමණයන්ට එරෙහිව ශ්‍රී ලංකාව ගනු ලබන නීතිමය පියවර වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රසාදය පළකර තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.


    ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් රොබින් මූඩි (Ms. Robyn Mudie) මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා රජයේ විදේශ හා වෙළෙඳ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්‍රමණ කටයුතු පිළිබඳ තානාපති ඇන්ඩෘ ගොලෙඩ්සිනොව්ස්කි (Andrew Goledzinowski AM) ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හමු වී සිදු කළ සාකච්ඡාවේදී එම පිරිස මේ බව සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකා රජය නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීම සඳහා ආගමන විගමන පනතට නව නීති සංශෝධනයන් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන අතර මේ සඳහා කැබිනට් අනුමැතිය ද ලබා ගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    පසුගිය කාල පරිච්ඡේදයේදී මිනිස් වෙළඳාම සම්බන්ධව සිදුවන අපරාධ ප්‍රවනතාවයන් වැළැක්වීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, මහජන සාමය ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂන් සභාව සහ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගෙන මිනිස් වෙළඳාමේ අපරාධ වැළැක්වීම සඳහා නීතිමය පියවර මේ වන විටත් ගෙන තිබේ.

     

    මෙම අපරාධවලට ගොදුරු වන මිනිස් වෙළඳාමට ලක් වන වින්දිතයින්ට සහාය ලබාදෙන තැනැත්තන් වෙළඳාම් අපරාධය සිදු කරනු ලබන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලයේ ගත් පියවරයන් පිළිබඳ අමාත්‍යරවයා විසින් ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිත පිරිස දැනුවත් කළේය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya