මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති සාහිත්‍ය පෝෂණයට නීති විෂය සිංහලෙන් ලියවිය යුතුයි -අමාත්‍ය විජයදාස රාජපක්ෂ

    මාර්තු 27, 2015

    නීති සාහිත්‍ය පෝෂණය රටේ පුරවැසියන්ට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඇති හොඳම මඟ බැවින් මව් භාෂාවෙන් නීතිය පිළිබඳව පොත පත ලියවීම යුගයේ අවශ්‍යතාවයක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පළ කලේ නීති විෂය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ප්‍රවීණ නීතිවේදී, ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා විසින් සිංහල භාෂාවෙන් ලියවු “නීතිය“ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

     

    නීති ක්ෂේත්‍රය පිළිබඳව ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කළොත් අපේ රටේ නීතිය පිළිබඳව ග්‍රන්ථ ලියවෙන්නේ ඉතාම අඩුවෙන් ලියවෙන බවත් ඉන්දියාව වගේ රටක් ගත් විට නීති පොත පත විශාල වශයෙන් මුද්‍රණය කරන බවත් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    නමුත් අපේ රටේ නීතිය පිළිබඳව සාමාන්‍යයෙන් පොත් 1000 අලෙවි වෙන්න අවුරුදු 3ක් පමණ ගත් වන නමුත් අපේ රටේ ප්‍රධාන උසාවි කිහිපයක් හැරුනු කොට බොහෝ උසාවිවල නීතිඥයින් වැඩ කරන්නේ සිංහල භාෂාවෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ රටේ සමස්තයක් වශයෙන් ගත් විට නීතිඥයින් 1500ක් පමණ සිටින බවයි.

     

    මෙම අවස්ථාවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝඳාගොඩ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලනී ද සිල්වා, ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න ඇතුළු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya