අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනාධිපති සහ ශ්‍රී ලංකා ජනාධිපති අතර හමුවක් Featured

    මාර්තු 26, 2015

    චීන ජනාධිපති ෂී චීං පීං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද (26) පෙරවරුවේදී බේයිජීංහි මහජන මහා ශාලාවේ දී සිදු කෙරිණ.


    චීන-ශ්‍රී ලංකා සම්ප්‍රදායික මිත්‍ර සම්බන්ධතාව ආරක්ෂා කරමින් නව යුගයේ දෙරටේ සම්බන්ධතා විධිමත්ව හා ස්ථීරව වර්ධනය කර ගැනීම තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බව ඔවුන් දෙදෙනා එම සාකච්ජාවේදී අවධාරණය කර තිබේ.


    ශ්‍රී ලංකාව සමඟ එක් ව විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය යහපත හා සහයෝගිතා පුළුල් කොට දෙරටේ ක්‍රමෝපායීය සහයෝගිතාව සහ හවුල්කාරි සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වන බව ෂී චීං පීං මහතා එම සාකච්ජාවේදී පැවසීය.


    දෙරටේ නායකයන් පරපුරින් පරපුරට ගොඩනගා ඇති සුහද සබඳතා තවදුරටත් තහවුරු කර ගත යුතු බවත්, දෙරට භූමිය සහ ස්වාධිපත්‍යය යනාදි කේන්ද්‍රීය ප්‍රශ්න පිළිබඳ අන්‍යෝන්‍ය ලෙස අවබෝධ කර ගත යුතු අතර, අනුබල ද ලබා දිය යුතු බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය.

    එමෙන්ම දෙපාර්ශවයන් 21 වන සියවසේ මුහුදු සේද මාවත පොදුවේ ගොඩ නගා විශාල පරිමාණ ව්‍යාපෘති හා කර්මාන්ත සක්‍රීය ලෙස සංවර්ධනය කරමින් ද්වීපාර්ශවික නිදහස් වෙළඳ සබඳතාව හැකි ඉක්මනින් සැබෑ කර ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී  වැඩිදුරටත් පැවසීය. පෙරට වඩා ඵලදායික විධිවිධාන ක්‍රියාත්මක කොට චීනය සමඟ මිත්‍ර සම්බන්ධතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකා නව රජය සූදානම් බව එම අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

     

    චීනය සමඟ ආර්ථික හා වෙළඳාම, අධ්‍යාපනය, විද්‍යා හා පර්යේෂණ සහ ජාතික ආරක්ෂාව යනාදි විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩ ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී පැවසීය. චීනය ශ්‍රී ලංකාවේ විශාල පරිමාණ ව්‍යාපෘති සංවර්ධනයට ලබා දූන් අනුබල පිළිබඳව ස්තූතිය පළ කරන බවද එහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

     

    එමෙන් ම වත්මන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ගැටලුව තාවකාලික තත්ත්වයක් බවත්, චීනය එම ගැටලුවට සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය. චීන ව්‍යාපාර ආයෝජන ශ්‍රී ලංකාව පිළි ගන්නා අතර විධිමත් ආයෝජන පරිසරයක් ඒ සඳහා නිර්මාණය කරනු ඇති බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී පැවසීය.


    එම සාකච්ජාවට පසු නායකයන් දෙදෙනා දෙරටේ මූලික පහසුකම් සහ වෛද්‍ය සේවා යනාදි ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම් කිහිපයකටද අත්සන් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya