මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිත කිරීමට දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙලක් 

    සැප්තැම්බර් 04, 2023

    අතුරු ආබාධ වලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොව ඉහළ පිළිගැනීමක් සහිත හෝමියෝපති වෛද්‍ය මෙරට ප්‍රචලිත කිරීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව එම අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

    මෙම වෛද්‍ය සභාවේ ප්‍රථම හෝමියෝපති වෛද්‍ය සමුළුව පසුගියදා (01) කඩවත ඉන්ද්‍රා හෝටල් පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි. මෙහිදී හෝමියෝපති පෞද්ගලික වෛද්‍ය සායන මධ්‍යස්ථාන සඳහා ලියාපදිංචි සහතිකපත් ප්‍රදානය මෙන්ම හෝමියෝපති වෛද්‍යවරුන්ගේ දැනුම, ආකල්ප නංවාලීමේ වැඩමුළු සහ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක විය.

    ආතරයිටීස්, ඇදුම, පීනස, පොතු කබර, වකුගඩු ඇතුළු රෝග රැසක් සඳහා සාර්ථක ප්‍රතිකාර සහිත මෙම ‌වෛද්‍ය ක්‍රමය උදෙසා දීප ව්‍යාප්ත මට්ටමින් හෝමියෝපති වෛද්‍ය සායන මධ්‍යස්ථාන පිහිටුවීම මේ වන විට සිදු කරමින් පවතින අතර, පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් දෛනිකව රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ගැනීම සිදු කරනු ලබයි.

    එවන් සුවිශේෂි වෛද්‍ය සේවාවක් විධිමත්ව පවත්වාගෙන යාමේදී සහ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ එම වෛද්‍ය ක්‍රමයේ ගුණාත්මකභාවය රැක ගැනීම උදෙසා විධිමත් වෛද්‍ය සභාවක් ක්‍රියාත්මක විය යුතු අතර, පසුගිය යහපාලන සමයේ අකර්මණ්‍ය කර දැමූ හෝමියෝපති වෛද්‍ය සභාව 2020 වසරේ සිට නැවත සක්‍රීය කිරීම සිදු කරන ලදී. එමගින් ලියාපදිංචිය ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටි වසර 05 ½ ක හෝමියෝපති වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුනට ශ්‍රී ලංකාවේ හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව පිළිගත් හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya