මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිමාවෙයි

    සැප්තැම්බර් 10, 2015

    තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යන්ගේ එකමුතු ජාලයෙ හි 13 වන වාර්ෂික සමුළුව හා දේශගුණික විපර්යාසයන් අවම කිරීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව ඊයේ (09) පස්වරුවේ අති සාර්ථක අන්දමින් නිමාව දුටුවේය.


    කොළඹ හිල්ටන් හෝටලයේ දී පසුගිය සඳුදා (07) ආරම්භ මෙම මහා සමුළුවට අඟහරුවාදා දිනයේ (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තියෙන් ආලෝකමත් විය.


    සමුළුවේ නිමාවත් සමඟ බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග කර්මාන්ත, පරිසර හා සංස්කෘතික, කලා කටයුතු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.


    සමුළුවේ සමාරම්භක අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සභාව හමුවේ ඉදිරිපත් කළ යෝජනා සහ කරුණු ඉතා කාලෝචිත බව සිය අදහස බව මාධ්‍ය සමඟ පැවසූ අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා දේශීය විදේශීය නියෝජිතයින් හා දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ සාකච්ඡා කිරීමෙන් ගොනු කරගත් තීරණ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසීය.


    එහිදී පරිසර හා සංස්කෘතික කලා කටයුතු අමාත්‍යංශ ලේකම් එස්. නීල්වල ප්‍රකාශ කළේ මෙම සමුළුවේ දී තිරසාර සංවර්ධනය, දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳව සංෂිප්ත වූ තීරණ අතර මේ පිළිබඳ දැනට පවත්නා ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් කාලානුරූපව වෙනස් විය යුතු ආකාරය, විශේෂයෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරිම, මේ පිළිබඳව මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා අතර සම්බන්ධීකරණය හා සහයෝගය පුළුල් කිරීම, විශ්ව විද්‍යාල මෙන්ම පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව ද රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වන බවයි.


    දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් ගැටලු වශයෙන් දැනට සිදු වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති හා නාගරීකරණය වීම, වනගහණය අඩු වෙමින් පැවතීම හා නාගරික/අර්ධ නාගරික කෘෂිකර්මය අවම වීම සහ ජලයට අපද්‍රව්‍ය එකතුවීම හඳුනාගෙන ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේය.


    මෙම සමුළුව හරහා රැස් කරගත් කරුණු, යෝජනා එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත COP 21 සමුළුවට ඉදිරිපත් කර ජාතික වශයෙන් අවධානය ලබා ගෙන ඒවා ජාත්‍යන්තරය කරා ගෙන යාමට ද අපේක්ෂා කරන බන ඔහු වැඩිදුරටත් කීවේය.


    මෙම සමුළුව සඳහා අප්‍රිකානු, ඇමරිකානු, යුරෝපීය, ආසියානු සහ ආසියා පැසිෆික් කලාපීය රටවල් රැසක නියෝජිතයින් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya