මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයේ නිදන් කරන සර්වඥ ධාතූන් වහන්සේලාට අනුරාධපුරයේදී පුද සත්කාර

    නොවැම්බර් 14, 2014

    කොළඔ ජනාධිපති මන්දිරයේ සිට පසුගියදා සඳ‍හිරු සෑයෙහි නිධන් කිරීම සඳහා වැඩම කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා ඊයේ (13) රාත්‍රියෙහි අනුරාධපුරය වෙත වැඩම වූ අතර අද (14) සවස 5.00ට රුවන්වැලි සෑයෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කප්රුක පූජාවක් පැවැත්වීමට නියමිතය.

     

    සමාධි පිළිමය අභියසදී ගිලන්පස පූජාව පැවැත්වීමෙන් අනතුරුව සවස 6.00ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී බෝධි පූජාවක් පවත්වනු ලැබේ. ඉන් අනතුරු ව සවස 7.00ට මල් පූජාව පවත්වනු ලබන අතර රාත්‍රි 8.00ට සර්වඥ ධාතූන් සහ සති පිරිතට වැඩම කරන භික්ෂූන් වහන්සේලා පෙරහැරක් මඟින් ශ්‍රී මහා බෝධියේ සිට සඳහිරු සෑය පරිශ්‍රය වෙත වැඩම කරවීම සිදු කරනු ලැබේ.

    රාත්‍රි 9.00ට අතිගරු ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමෙන් අනතුරු ව සති පිරිත් සජ්ඣායනය සඳහා භික්ෂූන් වහන්සේලා වෙත ආරාධනා කිරීම සිදු කරනු ලබන අතර එතැන් සිට මහා සංඝරත්නය විසින් සති පිරිත සජ්ඣායනා කිරීම ආරම්භ කරනු ඇත.

    හෙට (15) දින සිට සති පිරිත සජ්ඣායනය හා සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම ආරම්භ වේ.

    සැදැහැවතුන් සඳහා සඳහිරු සෑ ගර්භයේ තැන්පත් කිරීමට නිධන් වස්තූන් ලබන 22 දින දක්වා සඳහිරු සෑ ව්‍යාපෘති කර්යාලය වෙත භාරදීමට හැකියාව ඇත.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya