ගාල්ල දිස්ත්‍රික්කයේ කහදූව, වතුරවිල ගුලන කන්ද සහ ඒ අවට පරිසරය වට කොට ගත් ශ්‍රී ඤාණානන්ද වනවාස සංඝ මූලස්ථානය සැබැවින්ම සිත්ගත් සුවපත් කරනු ලබන ආරණ්‍ය සෙනසුනකි. ඒ ආශ්‍රිතව පිහිටා ඇති ශ්‍රී ඤාණානන්ද වනවාස මහා පිරිවෙන භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්ම ශාස්ත්‍ර අවබෝධය ලබා දෙන තවත් ධර්මගවේෂී අසපුවකි.
ජනමාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කලාංග රැසක නව හැරවුමක් සටහන් කොට අපෙන් සමුගත් ගාමිණී විජේතුංග නම් අපූර්ව මිනිසා සිහි කිරීමේ හා ඔහුගේ නිර්මාණ දායකත්වය ඇගයීමේ සමරු උළෙල අනිද්දා (31) සවස 4.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ආර්ථිකය මරණාසන්න නෑ. මේ රටේ ජනතාවට සැනසිල්ලෙන්, සතුටෙන්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයීය හා ආර්ථික පරිසරයක් අපි උදා කරනවා. අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස දිදුලවන්නට අපට හැකි වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .
ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව අප ගැඹුරින් සලකා බලමින් සිටිනවා.සීපා ගිවිසුම අතහැර දමා ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුමකට එළැඹිමට අප තීරණය කළා.ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ගුණාත්මක අතින්ද සීපා ගිවිසුමට වඩා අප සකස් කරමින් යන අලූත් ගිවිසුමෙහි වෙනස්කම් තියෙනවා. 2016 වසරේ මැද භාගය වෙද්දී මේ ගිවිසුම අත්සන් කිරීමට ද අප දින නියම කර ගත්තා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ශ්රී ලංකාව සහ ඔස්ටි‍්‍රයාව අතර වූ මිත‍්‍රශීලි රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවන්ට දශක 06කට වැඩි ඉතිහාසයක් ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඔස්ටි‍්‍රයාවේ හොෆ්බර්ග් ජනාධිපති මන්දිරයේ (19) දින පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
''එකම දැයක් මහබලයක්'' අභිමානවත් 68වැනි නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ, ගාලුමුවදොර පිටියේ දී පැවැත්විණි.
ආසියාවේ, ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සඳහා 2016 පෙබරවාරි 01 සිට 03 දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව පිළිබඳ සමුළුවක් පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (ශ්‍රී ලංකා ශාඛාව) ඒකාබද්ධව සංවිධානය කරයි.
රණවිරු පවුල් සුභ සාධනය, ආර්ථික සාමාජීය ප්‍රවර්ධනය හා රට වෙනුවෙන් රණවිරුවන්ගේ දායකත්වය හා කැපවීම අගය කිරීම අරමුණුකොටගෙන විරුසර වරප්‍රසාද කාඩ්පත රණවිරු පවුල් වෙත ඊයේ (25) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ප්‍රදානය කෙරිණි.
සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, වෙළඳ, සංඛ්‍යාලේඛන, මැණික් හා ස්වර්ණාභරණ, මුදල් විශුද්ධිකරණ හා සංස්කෘතික ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික නෛතික ලේඛන කිහිපයකට අත්සන් තැබීම අද (05) ජනාධිපති ලේකම් කාර්යලයේ දී සිදු විය.