මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයීය ආසියානු කලාපීය සමුළුව

    පෙබරවාරි 01, 2016

    ආසියාවේ, ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සඳහා 2016 පෙබරවාරි 01 සිට 03 දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව පිළිබඳ සමුළුවක් පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (ශ්‍රී ලංකා ශාඛාව) ඒකාබද්ධව සංවිධානය කරයි.



    බංග්ලාදේශයේ, ඉන්දියාවේ, මැලේසියාවේ, මාලදිවයිනේ, පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ඉන්දියාව, ආසියාව සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.  ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතා, විදේශ රැකියා අමාත්‍ය ගරු තලතා අතුකෝරල මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, ගරු විජිත හේරත් මහතා, ගරු ඉම්රාන් මහරූෆ් මහතා, ගරු ශාන්ති ශ්‍රීස්කන්ධරාසා මහත්මිය අයත් වේ.



    සිනමන් ලේක්සයිඩ් හෝටලයේ 2016 පෙබරවාරි 01 දින පැවැත්වෙන සමාරම්භක උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වන ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වේ.  කථානායක ගරු කරු ජයසූරිය මහතා මෙම සමාරම්භක අවස්ථාවේ පිළිගැනීමේ කථාව කරමින් සභාව ශෝභාවත් කරනු ඇත.



    සමාරම්භක උත්ස‍වයෙන් අනතුරුව සම්මන්ත්‍රණයෙහි පළමු අදියර 2016 පෙබරවාරි මස 01වන දා සිට 03වන දා දක්වා තෙදිනක් පුරා පැවැත්වේ.  “මානව හිමිකම් සුරැකීමේ හා ප්‍රවර්ධනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව” යන තේමාව යටතේ පහත මාතෘකාවන් ඔස්සේ සම්මන්ත්‍රණ සැසි පැවැත්වේ.



    1. හඳුන්වා දීම, අරමුණු හා අපේක්ෂාවන්.
    2. මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රවර්ධනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව.
    3. ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂා ක්‍රමවේදය.
    4. කලාපීය අභියෝග : ප්‍රකාශනයේ නිදහස, සමඟිව රැස්වීම සහ සමාගමය.
    5. කලාපීය අභියෝග : කණ්ඩායම් සංවාදය.
    6. ජාතික මානව හිමිකම් ආයතන.
    7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විශ්ව කාලීන සමාලෝචනය.
    8. (අ) කලාපීය අභියෝග   : සිතීමේ නිදහස, හෘදය සාක්ෂිය සහ ආගම, ප්‍රචණ්ඩ අන්තවාදය.
        (ආ) කලාපීය අභියෝග   :  ළමා විවාහ, නිසි වයසට කලින් සිදුවන විවාහ සහ බලහත්කාරි විවාහ.
    9. කලාපීය අභියෝග : කණ්ඩායම් සංවාදය.
    10.  නිර්දේශයන් වැඩිදියුණු කිරීම.
    11.  නිර්දේශ සැකසීම හා පසු විපරම් ක්‍රියාකාරකම්  
    12.  කලාපීය ප්‍රකාශනය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බැඳීම් අවසාන වශයෙන් සමාලෝචනය කිරීම.
    13.  කලාපීය ප්‍රකශනය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බැඳීම් අවසාන වශයෙන් සමාලෝචනය කිරීම.  



    “මානව හිමිකම් සුරැකීමේදී සහ ප්‍රවර්ධනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව” යන මැයෙන් වන සැසියේදී අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා සාකච්ඡා මණ්ඩල සාමාජිකයකු ලෙස සහභාගි වන අතර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතාද සැසියකදී සභාපතිත්වය දරනු ඇත.

     

    මූලාශ්‍රය-parliament.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya