අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව හැරවුමක් සනිටුහන් කළ මිනිසා ඇගයීමට එක් වන්න

    මාර්තු 29, 2016

    ජනමාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කලාංග රැසක නව හැරවුමක් සටහන් කොට අපෙන් සමුගත් ගාමිණී විජේතුංග නම් අපූර්ව මිනිසා සිහි කි‍රීමේ හා ඔහුගේ නිර්මාණ දායකත්වය ඇගයීමේ සමරු උළෙල  අනිද්දා (31)  සවස 4.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මුඛ්‍ය දේශනය දේශනය පවත්වනු ලැබේ.

     

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත් වේ.

     

    ජනමාධ්‍ය හා සිනමාව විෂයයෙහි විශිෂ්ට මෙහෙවරක් නිහඩ ව ඉටු කළ නිර්මාණකරුවකු වූ ගාමිණී විජේතුංග සුලවතා සිහි කෙරෙන මේ උළෙලට සහභාගි වන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ඔබ සැමට ආරාධනා කර සිටි.

     

    ගාමිණී විජේතුංග වීරචිත ගීතාවලියක් ඇතුළත් CD  පටයක් හා ඔහුගේ විචාර කෘති කිහිපයක් ද මෙහිදී ජනගත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya