මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පිලට වික්ටෝරියා පාර්ලිමේන්තුවේ හරසර

    මාර්තු 07, 2015

    ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඊයේ (06) සවස වික්ටෝරියා පාර්ලිමේන්තු මන්දිරය සම්මේලන ශාලාවේදී පැවැත්විණි.

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සංවිධායකත්වයෙන් හා වික්ටෝරියා පාර්ලිමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැති එම විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ වික්ටෝරියා ප්‍රාන්ත සංචාරක අමාත්‍ය ජෝන් අ’රන් මහතාය.

     

    මෙහිදි විශේෂ දේශනයක් කළ ප්‍රකට විගමනික නීති උපදේශක සුසන්ත කටුගම්පල ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයන් දෙරට අතර සුහදතාව වැඩි දියුණු කළ යුතු බවයි.

    මෙම අවස්ථාවට ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් වන වෛද්‍ය තනුජා කටුගම්පල මහත්මියද සහභාගි විය.
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya