මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රජය ටිබෙට් ස්වායත්තයේ වෙසෙන ජනතාවගේ ආගමික නිදහසට ප්‍රමාණවත් ඉඩකඩ ලබා දෙයි

    මාර්තු 06, 2015
    චීන රජය ටිබෙට් ස්වායත්තයේ වෙසෙන ජනතාවගේ ආගමික නිදහසට ප්‍රමාණවත් ඉඩකඩ ලබා දී ඇති බව ප්‍රංශ ලේඛක Maxime Vivas මහතා කියා සිටී.
     
    ප්‍රංශ ලේඛක Maxime Vivas මහතා රචනා කළ ‘Dalai Lama –Pas si Zen’ හෙවත්,  ‘දලයි ලාමා සෙන් ආගමිකයෙකු නොවේ’  නම් කෘතිය ලොව පුරා ජනප්‍රිය වී තිබේ. චීනයේ ටිබෙට් හි කිහිපවරක් සංචාරය කිරීමෙන් පසු ටිබෙට් හි සැබෑ තත්ත්වය සටහන් වන දෙවන කෘතිය නිර්මාණය කිරීමට තමා සූදානම් බව Maxime Vivas මහතා ෂීන්හුවා පුවත් ඒජන්සිය වෙත සඳහන් කළේය. ටිබෙට් හි තත්ත්වය බටහිර ලෝකයේ ඒ පිළිබඳ ප්‍රචාරය හා හත්පසින් ම වෙනස් යැයි තමා චීනයේ ටිබෙටයේ සංචාරය කිරීමෙන් පසු අවබෝධ වූ බව Maxime Vivas මහතා පවසයි.
     
     
    ටිබෙට් හි බොහෝ ප්‍රදේශවල ටිබෙට් භාෂා දක්නට ලැබෙයි. පාසල් අධ්‍යයන කටයුතු ටිබෙට් භාෂාවෙන් සිදු කෙරේ. ගුරු සිසුන්ට පරිගනක භාවිත ක‍රන විට ටිබෙට් භාෂාවෙන් ටයිප් කළ හැකි ය. බොහෝ ස්ථානවල පන්සල් පිහිටා ඇත. ටිබෙට් හි ජනතාව පොදු ස්ථානවල පූජෝපහාර දක්වන ආකාරය දුටු තමා ඉමහත් පුදුමයකට පත් වූ බව ද Maxime Vivas මහතා විස්තර කළේය. ප්‍රංශය ඇතුළු ඇතැම් බටහිර රටවල එසේ ප්‍රසිද්ධියේ එක්තරා ආගමික කටයුතුවල නියැලීම තහනම් වන බව ද ඔහු කියා සිටී. කෙසේ වුවද ‍ටිබෙට් හි වෙනෙස ජනතාවගේ ආගමික නිදහසට චීන රජය කිසිදු බාධාවක් නොකරන බව ඔහු අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya