මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ හමුදා නියෝජිතයෙකු යුද හමුදාපතිතුමා හමුවේ

    මාර්තු 08, 2015
    කොළඹ පැවැත්වෙන දකුණු ආසියා ආපදා අවදානම අවම කර ගැනීමේ වැඩමුළුව සඳහා සහභාගී වීමට පැමිණි බංගලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලයේ බ්‍රිගේඩියර් ජෙනරාල් ෂම්මි අහමඩ් පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්  ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදා මූලස්ථානයේ දී හමු විය.
     
    මෙම  හමුවේ දී  බ්‍රිගේඩියර් ජෙනරාල් ෂම්මි අහමඩ් මහතා විසින් ඩකා නුවර පිහිටි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරක්ෂක හමුදා අංශයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලුතිතන් ජෙනරාල් අබු බෙලාල් මොහමඩ්  ෂෆූල් හග් මහතාගේ සුබපැතීම ද නව යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හට පිළිගැන් වූ  අතර එම අවස්ථාව සිහිගන්වමින් යුද හමුදාපතිතුමා සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. 
     
    එමෙන්ම කාලයක සිට පැවත ගෙන එනු ලබන දෙරටේ මිත්‍රත්වය ගැන ද  සඳහන් කරමින්  බංග්ලාදේශ  ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරී පාඨමාලා සහ පුහුණු පාඨමාලා පිළිබඳව ද තොරතුරු  සාකච්ඡා කරන ලදී.
          
    යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුව සඳහා බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස්.  අස්ලාම් පාවෙස් මහතා  ද සහභාගී විය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya