මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වෙයි

    මාර්තු 06, 2015

    ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පුහුණු සැසියක් අතරතුර පන්දුවක් අතේ වැදීම හේතුවෙන් දිමුත් කරුණරත්න ආබාධයකට ලක් වී ඇත. දිමුත් වෙනුවට ආදේශ කිරීම සඳහා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා  ඕස්ටේ‍්‍රලියාව බලා යැවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

     

    ඊයේ (05) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවැති පුහුණු සැසියේදී දිමුත්ගේ දකුණු අතේ අස්ථියක් බිදී ඇති අති බව වාර්තා වේ. මේ පිළිබදව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවට දැනුම් දී ඇති අතර ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් අද (06) දිමුත්ගේ ආබාධය පරික්ෂා කිරීමට නියමිතය.

     

    මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ ආබාධයට ලක්වූ සිවුවැනි ක‍්‍රීඩකයා දිමුත් වේ. මීට පෙර ධම්මික ප‍්‍රසාද්, ජීවන් මෙන්ඩිස් සහ රංගන හේරත් ආබාධයන්ට ලක්වූහ.

     

    ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය මේ මස 8 වැනිදා සිඞ්නිහිදී පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya