අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දී ආසියාව ලෝකයේ අන්තර්ජාල වෙළඳපොළේ ප්‍රධානියා වන ලකුණු

    දෙසැම්බර් 19, 2014
    ආර්ථික බුද්ධි ඒකකය (Economist Intelligence Unit -EIU) විසින් ඉදිරිපත් කරන දත්ත වාර්තාවලට අනුව ඩොලර් බිලියන 7.6ක සිල්ලර අලෙවියක් සමඟ උතුරු ඇමරිකාවට පිටුපසින් සිටින ආසියාව 2015 දී ලෝකයේ අන්තර්ජාල වෙළඳපොළේ ප්‍රධානියා වන බවට ආර්ථික විශේෂඥයන් මත පළ කරයි.
     
    එළඹෙන වර්ෂයේ දී අන්තර්ජාල වෙළඳපොළ අලෙවිය උතුරු ඇමරිකාවේ සියයට 2.5ක් හා යුරෝපයේ සියයට 0.8ක් වන විට ආසියාවේ සියයට 4.6ක් වනු ඇති බව ආර්ථික කණ්ඩායම් තක්සේරු කරන බව පසුගිය බදාදා බීජිං දේශීය මාධ්‍යවල පළ වූ වාර්තාවල සඳහන් වේ.
     
    ආසියා මහද්වීපයේ ආර්ථික වර්ධනය හා කාන්තා නිදහස, ආසියානු පාරිභෝගික වෙළඳපොළට දායකත්වය සපයන අතර නිදහස් කාන්තාවන් අන්තර්ජාල වෙළඳපොළේ ප්‍රධාන සේවාලාභීන් බවට පත් ව ඇති බව සින්හුවා පුවත් පෙන්වා දෙයි.
     
    මෙම නිගමනයන් චීනය, හොංකොං, තායිවානය, මැකාඕ, ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව හා දකුණු කොරියාව  වැනි ආසියාවේ ප්‍රධාන නගරවල කාන්තාවන් 5,500ක් යොදා ගනිමින් කරන ලද පර්යේෂණයන්ට අනුව තීරණය කර ඇති අතර යොදා ගනු ලැබූ කාන්තාවන් අතුරෙන් සියයට 43ක් පරිපාලන, විධායක හා වෘත්තීමය නිලයන් හොබවන පුද්ගලයෝ වෙති.
     
    චීන කාන්තාවන් සියයට 69ක් අන්තර්ජාල වෙළඳපොළ පරිහරණය කරන අතර සියයට 63ක් දිනකට එක් වාරයක් හෝ තමන් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගන්නා බව ප්‍රකාශ කර ඇති අතර සියයට 30ක් දිනකට එක් වාරයක් හෝ වැඩි වාර ගණනක් අන්තර්ජාල වෙළඳපොළේ සැරිසරන බවත් මෙම පර්යේෂණය මඟින් හෙළි වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya