අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙෂාවෝර් හි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර ඉටි පන්දම් දල්වයි

    දෙසැම්බර් 19, 2014

    පකිස්තානයේ පෙෂාවෝර් හි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර ඉටි පහන් දැල්වීමේ අවස්ථාවක් අද (19) පස්වරු 06.00ට කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලාංකීකයන් හා නේවාසික පකිස්තානු වැසියන් එක්ව මෙය සංවිධානය කර ඇත.

    පකිස්තානයේ පෙෂාවෝර් හි පාසලකට පසුගියදා (16) එල්ල වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයකින් අහිංසක දරුවන් 84ක් ඇතුළු 125කට අධික පිරිසක් මරණයට පත් කළ අතර 100කට අධික පිරිසකට තුවාල සිදුකරන ලදී.

     

    මිනිත්තු දෙකක කාලයක නිෂ්ශබ්දතාවය රැකීමෙන් අනතුරුව ශෝකය ප්‍රකාශ කර ඉටිපන්දම් දැල්වීම මෙහි දී සිදු කිරීමට සැලසුම් කර ඇත.

     

    ශ්‍රී ලාංකීකයන් හා ශ්‍රී ලංකාවේ පකිස්තානු නේවාසිකයින් සිය පවුලේ සාමාජිකයින් හා හිතමිතුරන් සමඟ මෙම අමානුෂික ප්‍රහාරය හෙළා දකිමින් විනාශ වූ ජීවිත සිහි කිරීමට මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya