අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වැනි සාක් සමුළුව පකිස්තානයේ දී

    නොවැම්බර් 28, 2014

    19 වැනි සාක් සමුළුව (දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව) පකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

    කත්මන්දු නුවර ප්‍රවෘත්ති සාකච්ඡාවක දී විදේශ කටයුතු උපදේශක සර්තාජ් අසීස් මහතා විසින් මේ බව දැනුම් දෙන ලදී.

     

    විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් සංවර්ධනයෙන් ඉදිරියට යාමට සාක් කලාපීය නායකයෝ කැපවීමට කතිකා කරගත් බව අසීස් මහතා ප්‍රකාශ කළේය.


     
    සාක් කලාපය අතර බලශක්ති සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන් තැබූ අතර කඩිනමින් දුම්රිය මාර්ග සහ මහාමාර්ග මඟින් කලාපය අතර සම්බන්ධතාව පුළුල් කර ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වන ලදී.

     

    චීනය සාක් සමුළුවේ ස්ථිර සාමාජිකයෙක් ලෙස පත්වනු දැකීමට පකිස්තානයට අවශ්‍ය බවත් එමඟින් සාක් සමුළුවෙන් තුර්කිය අපේක්ෂා කරන නිරීක්ෂක මට්ටමට පිවිසීමට ද යම් සහයක් දක්වනු ඇතැයි අසීස් මහතා කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya