අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිලිප් හියුස්ගේ මරණය: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශෝකය පළ කරයි

    නොවැම්බර් 28, 2014

    අපේ ප්‍රාර්ථනා සහ යැදුම් පිලිප්, ඔහුගේ පවුල හා හිතමිතුරන් සමඟ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

     

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු විධායක කමිටුව සහ කාර්ය මණ්ඩලය, ක්‍රිකට් ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රිකට් රසික රසිකාවියෝ පිලිප් හියුස්ගේ හදිසි මිය යාම සම්බන්ධව හෘදයාංගම ශෝකය පළ කරති.

     

    ඔහුගේ නැතිවීම නිසැක ව ම ක්‍රිකට් ලෝකයට මහත් පාඩුවක් වේවි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කර ඇත.

     

    මෙය ක්‍රිකට් ලෝකයට ශෝකී දිනයක් බවත් පිලිප් හියුස් ගේ හදිසි මිය යාම සම්බන්ධව ඔහුගේ පවුල, හිතමිතුරන් හා ඕස්ට්‍රේලියානු සහෝදර ක්‍රීඩකයන්ටත් අපේ කනගාටුව ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය වෙත යැවූ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස තරුණ වියේදීම ඔහු මෙලොවින් සමු ගැනීම ක්‍රිකට් ලෝකයට ඉමහත් පාඩුවක් වනු නිසැක බව රණතුංග මහතා පවසා ඇත.

     

    පිලිප් හියුගෙස් ගේ අකල් මරණය පිළිබඳව අපේ මුළු ක්‍රිකට් කණ්ඩායම ම කනගාටුවට පත් වුණ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හෘදයාගම ශෝකය ඔහුගේ පවුලේ සැමටත් හා ඕස්ට්‍රේලියානු සහෝදර ක්‍රීඩකයන්ටත් පළ කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජෙලෝ මැතිව්ස් එහිදී සඳහන් කළේය.

     

    හියුස් දක්ෂ තරුණ ක්‍රීඩකයෙක් සහ තමන් ඇතුළු කණ්ඩායමට ඔහු ඉතා උද්යෝගිමත් හිතවත් පුද්ගලයෙක් බවත් පැවසූ මැතිව්ස් “අපි ඔහුට සමාදානයේ සැතපේවා“ යැයි ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya