මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක් දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

    නොවැම්බර් 27, 2014

    එංගලන්ත පිල සමඟ පැවති පළමු එක් දින අන්තර්ජාතික ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (26) සමත් විය.

     

    මෙම තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 317ක් ලබා ගත්තේය. එහිදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88ක්, කුසල් ජනිත් ලකුණු 59ක්, මහේල ජයවර්ධන ලකුණු 55ක් ලබා ගෙන තරගයේ කැපී පෙනුණි.

     

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47.1කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 292ක් පමණි. එංගලන්ත ඉනිම වෙනුවෙන් මෝයින් අලි විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 119ක් ලබා ගත්තේය. රවි බොපාරා විසින් ලකුණු 65ක් ලබාගන්නා ලදී.



    පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

     

    එක් දින තරගාවලියේ දෙවන තරගය එළඹෙන සෙනසුරාදා (29) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya