අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට ඉන්දීය අගමැති මෝදීගෙන් ජනපතිට සුබපැතුම්

    නොවැම්බර් 27, 2014

    නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 18 වැනි සාර්ක් සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබන ජනවාරි මස පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ (26) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මැතිතුමා සුබ පැතුවේය.


    පසුගිය මැයි මාසයේ දී නරේන්ද්‍ර මෝදි මැතිතුමා, අග‍්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දීමේ උළෙලේදීත් පසුව එක්සත් ජාතීන්ගේ සමුළුවේදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.

    ශී‍්‍ර ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ආරාධනය පිළිගත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දීය ධීවරයන් පස්දෙනා නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ මැතිතුමාට සිය ස්තූතිය ද පළ කළේය. මෙහිදී දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තර කරගැනීම සම්බන්ධයෙන් මෙන් ම කලාපීය කටයුතු පිළිබඳවත් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය.

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර සජින් ද වාස් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනවිරත්න, නේපාලයේ ශී‍්‍ර ලංකා තානාපති ඩබ්.එම්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya