අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමක්

    නොවැම්බර් 27, 2014

    40 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී එහිදී පදක්කම් දිනා ගත් මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (27) පෙරවරුවේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ.


    මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහභාගී වීමට නියමිතය. මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යංශය මෙය සංවිධානය කර ඇත.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලද පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේ පැවැත්වෙන පළමු උත්සවය ලෙස ද මෙය වැදගත් වනු ඇත.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.

    NDH/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya