මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට ආසිරි පතා බෙත්ලෙහෙමේ දී දිව්‍ය පූජාවක්

    නොවැම්බර් 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 69 වන ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජනපතිට ආශිර්වාද කිරීම සඳහා දිව්‍ය පූජාවක් බෙත්ලෙහෙමේ ජේසුස් වහන්සේ උපත ලද ස්ථානයේ දේවස්ථානයේ දී පසුගිය සෙනසුරාදා පස්වරුවේ පැවැත්විණි.

     

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය හා එක්ව ‘බෙත්ලෙහෙමේ ශ්‍රී ලාංකීය මිතුරෝ‘ නම් පලස්තීන කණ්ඩායම විසින් මෙම දිව්‍ය පූජාව සංවිධානය කරන ලදී.

     

    ශ්‍රී ලංකා පලස්තීන මිතුරන්, තානාපති සරත් විජේසිංහ, නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් කේ. ජේ. අල්විස්, තානාපති කාර්යාලයේ සහ නියෝජිත කාර්යාලයේ  නිලධාරීන්, බෙත්ලෙහෙමේ, ටෙල‍් අවීව් සහ ජෙරුසලෙම් යන නගරවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ද මෙම දිව්‍ය පූජා යාගයට එක් වූහ.
     

     2007 වසරේ පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයක් ස්ථාපිත කළ පසු සෑම වසරකම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට බෙත්ලෙහෙමේ දී විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වීමට එකල සිටි ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය ටී. ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ආරම්භ කළ බව බෙත්ලෙහෙමේ ශ්‍රී ලාංකේය කවුන්සිලර් නීතිඥ  Michelle Shomali මහතා විසින් දිව්‍ය පූජාව ආරම්භයට පෙර සභාව පිළිගනිමින් පැවසීය.

     

    පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් මැතිතුමාගේ ආරාධනය පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මෙම වසරේ ජනවාරි මාසයේ දී පලස්තීන රාජ්‍යයට පැමිණ ජේසුස් වහන්සේ උපත ලද ස්ථානයේ පිහිටි දේවස්ථානයට ද පැමිණ දිව්‍ය පූජාවකට සහභාගී වූ බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.


     
    ශ්‍රී ලංකා හා පලස්තීන සමීප සම්බන්ධතාව විස්තර කළ ෂෝමාලි මහතා ජනපතිගේ පලස්තීන සංචාරය අතරතුර දී බෙතෝනියාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම හා වසර 3ක් පුරා පලස්තීන සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමත් සම්බන්ධව ස්තූතිය පළ කළේය.

     

    තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ  Michelle Shomali මහතා; “ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් පලස්තීනයට ලබා දුන්නා. ශ්‍රී ලංකාව බහුවාර්ගීක රටක්. එය විවිධ ආගම් හා භාෂාවලින් තැනුන රටක්. මෙම වෙනස්කම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සෑම රටවැසියෙකුට ම සමාන අයිතිවාසිකම් ලබා දී ඇති රාජ්‍යයක්. එය සහජීවනය පෙන්වීමට විශිෂ්ට උදාහරණයක්.

     

    2015 ජනවාරි මාසයේ දී අති උතුම් පළමු වන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ද නියමිතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නිරෝගී සුවය, සතුට හා සාර්ථකත්වය ද ශ්‍රී ලාංකීය ජනතාවට සාමය, සෞභාග්‍යය හා  උන්නතිය පතා මෙම දිව්‍ය යාගයේදී යාඥා කරනවා“ යැයි පැවසීය.
     


    ත්‍රස්තවාදය පරාජය කර සාමය හා ස්ථාවරත්වය පිරි රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ ජාතියේ විශිෂ්ට නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 69 වන ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජනපතිට ආශිර්වාද කිරීම සඳහා මෙම දිව්‍ය පූජාව සංවිධානය කළ බව තානාපති සරත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    ගරු එයිද් ත්වාල් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම දිව්‍ය පූජාව සිදු කරන ලදී.

     

    SDF

     

    Holy Mass 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya