අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ මිලියන 36ක් තවමත් වහලුන්

    නොවැම්බර් 18, 2014

    ලෝකය පුරා මිලියන 36ක් මිනිසුන් වහලුන් ලෙස ජීවත් වෙන අතර මොරිටේනියාව, උස්බෙකිස්තානය, හයිටි, කටාර් හා ඉන්දියාව නූතන වහලුන් වැඩි රාජ්‍යයන් ලෙස හඳුනාගෙන ඇත. මානව හිමිකම් සංවිධානයක් වන ඕස්ට්‍රේලියාවේ වෝක් ෆ්‍රී පදනම විසින් ඊයේ (17) මෙම නව දර්ශක ඉදිරිපත් කරන ලදී.

     

    වෝක් ෆ්‍රී පදනම විසින් එළි දැක්වූ පසුගිය වසරේ දර්ශකයට අනුව ලොව මිලියන 29.8ක් වහල් භාවයට ලක් වූවන් වන අතර ඔවුන් මෙහෙකාරකම, ලිංගික වෙළඳාම, ණයකරුවන් හා බලහත්කාරයෙන් ශ්‍රමය සූරාකෑමට ලක් ව ඇත.

     

    වෝක් ෆ්‍රී පදනම විසින් නිරාවරණය නො වූ දත්ත ලුහුබැඳ ගොස් වඩා නිවැරදි තක්සේරු වාර්තාවක් ලෙස එහි දෙවන වාර්ෂික දර්ශකය එළි දක්වමින් ලොව මිලියන 35.8ක් වහලුන් බව ප්‍රකාශයට පත් කරන ලදී.

     

    රටවල් 167ක් අතරින් ඉන්දියාව වහලුන් වැඩි රාජ්‍යය ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව බිලියන 1.25ක් වන ඉන්දීය ජනගහණයෙන් මිලියන 14.3ක් ගණිකා වෘත්තියේ සිට ණය ඇපයට බැඳුණු කම්කරුවා දක්වා පරාසයක වහල් සේවයේ ගොදුරු බවට පත්වූවන් බව හෙළිදරව් වී ඇත.

     

    බලහත්කාරයෙන් සේවයේ යෙදවීම හෝ විවාහ කර වීම, වාණිජ මට්ටමෙන් කෙරෙන ලිංගික අපයෝජන, ළමා සොල්දාදුවන්, මිනිස් ජාවාරම් සහ දරා ගත නොහැකි මට්ටමෙන් ණය කරුවන් බවට පත් වීම ආදිය නූතන වහල් සේවය ලෙස වර්ගීකරණය කළ හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya