මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසි ලෙසකින් මැදිහත් නොවන බව ඉන්දියාව පවසයි

    නොවැම්බර් 18, 2014

    ආර්ථික හා සංවර්ධනය සම්බන්ධයෙන් ස්වාධීනව තීන්දු ගැනීමේ අයිතියට ඉන්දියාව ගරු කරන බව පාලක භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ පුවත්පත්කලාවේදී සහ ඉන්දීය පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ජේ. අක්බාර් මහතා ශී‍්‍ර ලංකාවේ චාරිකාවක නිරත ව සිටියදී මාධ්‍යයට අදහස් දක්වමින් පසුගියදා ප‍්‍රකාශ කළේය.



    ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය නව රජය ශී‍්‍ර ලංකාව කෙරෙහි දක්වන සුබවාදී ආකල්පය අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනය කිරීමෙන් පැහැදිලි වූ බව ද අක්බාර් මහතා පැවසීය.

    මෙහිදී ශී‍්‍ර ලංකාව චීනයට වඩාත් සමීප වී ඇති බවට නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ලොව කිසිදු රාජ්‍යයක් එක් රටක් සමඟ පමණක් සබඳතා නොපවත්වන බවයි.

    ත‍්‍රස්තවාදයට හා බෙදුම්වාදයට රුකුල් දෙන රාජ්‍යයන් සම්බන්ධයෙන් ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය වෙනස් ආකාරයක් ගන්නා බව ද භාරතීය ජනතා පක්ෂය ප‍්‍රකාශ කර සිටී.

    ඉන්දු - ශී‍්‍ර ලංකා හොඳ හිත වර්ධනය කිරීමෙන් ඉන්දු - ශී‍්‍ර ලංකා ධීවර ගැටලුවලට විසඳුම් ලබාගත හැකි බවට ද ඔහු විශ්වාසය පළ කළේය.දෙරට අතර සබඳතා නව ප‍්‍රවේශයක් ඔස්සේ ශක්තිමත් කිරීම තම රජයේ අපේක්ෂාව බව ද අක්බාර් මහතා මාධ්‍ය වෙත අවධාරණය කළේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya