අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාධිපතිගේ ඡායාරූපයක්

    ඔක්තෝබර් 23, 2014

    බංග්ලාදේශයේ මාණ්ඩලික පාඨමාලාව හදාරා යුද හමුදාපති බවට පත් තුන් වැන්නා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් යුද අභ්‍යාස හා අධ්‍යාපනය සම්බන්ධ ව ජාත්‍යන්තරව පිළිගත් බංග්ලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහිදී පසුගිය සඳුදා සිය ඡායාරූපය සියතින් ම නිරාවරණය කරන ලදී.


    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ “Mirpur Hall of Fame” හි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක වෙත  පැවති ප්‍රණාම උත්සවයේදී  යුද හමුදාපතිතුමන්  මහත් හරසරින් පිළිගත් අතර  මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලා හැදෑරූ නිලධාරීන් 200 දෙනෙකු, විශ්‍රාමික හමුදා නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ ආරාධිතයන් විශාල පිරිසක් සහභාගී වූහ. 

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි ලද වෘත්තීය නිපුණත්වය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කෙසේ පිටුවහලක් වූයේද යන්න එහිදී පැවති හමුවේදී ගෙනහැර දැක්වීය.

    සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයන් ඉදිරියට ගෙන යාමටත්  ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි ලද අත්දැකීම් ඉවහල් කොටගත් බව ඔහු මෙහිදී  ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව සශ්‍රීකත්වයෙන් පිරි දේශයක් කරා යන ගමනේ දී ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්  හට ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් ලද දැනුම මහත් පිටිවහලක් වූ බව ද නොපසුබට උත්සාහයෙන් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට යුද අත්දැකීම් පිටිවහලක් වූ ආකාරයද මෙහිදී ගෙනහැර දැක්වීය.

    එමෙන් ම දැනට මෙම ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන්ට තම දැනුම ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නා ලෙස පැවසූ යුද හමුදාපතිතුමා එය තම ජයග්‍රහණයේ හිනිපෙත්තට යෑමට මග සලසන බවත් තවදුරටත් අවධාරණය කළේය.


    මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya