අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙලරුස් හි පාර්ලිමේන්තු දූත පිරිසක් එළැඹෙන මාසයේ දිවයිනට

    ඔක්තෝබර් 23, 2014

    බෙලරුස් ජාතික සභා (පාර්ලිමේන්තු) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ‍එළැඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව බෙලරූස් හි විශාලතම ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතනය වන බෙලරුස් ටෙලිග්‍රාෆ් ඒජන්සිය (BeLTA) ඊයේ (22) ප්‍රකාශයට පත් කරන ලදී.

     

    නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභාපති ව්ලැඩ්මියර් ආන්ද්‍රෙයිෂෙන්කො (Vladimir Andreichenko) මහතා ප්‍රමූඛ බෙලරුස් පාර්ලිමේන්තු දූත පිරිස නොවැම්බර් 17 - 21 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව  BeLTA වාර්තා කර තිබේ.

     

    පෙර ප්‍රකාශනය කරන ලද මින්ස්ක් (Minsk) වාර්තාවට අනුව බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකාෂෙන්කො මැතිතුමා විසින් අනුමත කරන ලද බෙලරූස් සහ ශ්‍රී ලංකාව අතර අපරාධ සම්බන්ධ කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුම පිළිබඳ මෙහිදී මූලික සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරයි.



     බෙලරූස් හි ජනාධිපතිතුමා  විසින් ඒ හා සම්බන්ධ නියෝග ප්‍රකාශය පසුගිය ඔක්තෝබර් 01 වෙනිදා අත්සන් තැබූ බව ජනාධිපති ලූකාෂෙන්කො මැතිතුමා බෙලරූස් නිල අන්තර්ජාල වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කර ඇත.

     

    බෙලරූස් අධිකරණ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පවත්වා ගිවිසුම් අත්සන් තැබීමට බලය පවරනු ලැබ ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya