මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්

    අප්‍රේල් 25, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ –ගාල්ල අතර තරගයේ ඊයේ (24) දෙවැනි දිනයේදී ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දු නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය.



    එය මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ තෙවැනි ද්විත්ව ශතකය වූ අතර, මෙයට පෙර ගාල්ල පිලේ පසිඳු සූරියාරච්චි (ලකුණු 242) හා දඹුල්ල පිලේ පවන් රත්නායක (ලකුණු 240) ද්විත්ව ශතක වාර්තා කළහ.

    රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කොළඹ – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදුන් අතර, පළමු දිනය නිමාවෙද්දී සියලු දෙනා ලකුණු 296කට දැවී ගියේය. ඔෂධ ප්‍රනාන්දු පන්දු 280කදී හයේ පහරක් හා හතරේ පහර 23ක් සමඟ නොදැවි ලකුණු 200ක් ලැබීම හේතුවෙන් අද දිනයේ තරගය නතර කරද්දී ගාල්ල පිල කඩුලු 5ක් දැවී ලකුණු 361ක් ලබා සිටියේය. එබැවින් කොළඹට වඩා තවත් කඩුලු 5ක් අතැතිව ගාල්ල පිල පළමු ඉනිමේ ලකුණු 65කින් ඉදිරියෙන් සිටී.

    කොළඹ පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (ඕවර් 78.3)
    දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70

    ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 361(ඕවර් 89)
    ඔෂධ ප්‍රනාන්දු නොදැවි 200, නිශාන් පීරිස් 46, පසිඳ සූරියාරච්චි 33, ලක්ෂාන් එදිරිසිංහ 46, අතිරේක 23 (ඉසිත විජේසුන්දර 36/2, ප්‍රභාත් ජයසූරිය 108/1, අශේන් බණ්ඩාර 53/1, නිපුන් ධනංජය 15/1)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya