මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චමරි ශ්‍රේණිගත කිරීම් වල අංක එකට

    අප්‍රේල් 24, 2024

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් නිවේදනය කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් ව තිබෙනවා.



    දකුණු අප්‍රිකාව සමග පසුගිය දා පැවැති තෙවැනි එක්දින තරගයේ දී වාර්තාගත හඹායාමක් සදහා ශ්‍රී ලංකාවට පිත්තෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන් ඇය 1 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

    මීට පෙර පසුගිය වසරේ ජූලි මාසයේදී අයිසීසී එක්දින කාන්තා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානයට පැමිණීමට සමත් වුනා.

    ශ්‍රී ලංකාවේ නිලක්ෂි ද සිල්වා පිතිකරණ ලැයිස්තුවේ 45 වැනි ස්ථානයේ, හර්ෂිතා මාධවී ලෝකයේ 51 වැනි ස්ථානයේ හා කවිෂා දිල්හාරි ස්ථාන 4ක් ඉහළ ගොස් 52 වැනි ස්ථානයේ සිටිති. පන්දු යවන්නියන් අතර ඉනෝකා රණවීර 19 වැනි ස්ථානයට පත්ව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya