අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශය පරදවමින් ශ්‍රී ලංකාවට ලකුණු 328ක පහසු ජයක්

    මාර්තු 25, 2024

    බංග්ලාදේශය සමඟ පැවති පලමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 328ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් විය.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත්තා.

    ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු 5 පන්දුවාර 16 ක් තුළ බිඳ වැටෙද්දී නායක ධනංජය ද සිල්වා හා කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැඟින් ලබා සිගනිමින් සිය කණ්ඩායමේ පලමු ඉනිම ගෞරවාන්විත ස්ථානයකට ඔසවා තැබීමට සමත් විය.

    බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී රැස් කළේ ලකුණු 188 ක් පමණි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 04 ක් ද, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් ද බිඳ හෙළීමට සමත් විය.

    ඒ් අනුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 10‍8 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 510 ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 56කට කඩුලු 5ක් බිඳ හෙළිමට සමත් විය. බංග්ලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් Mominul Haque නොදැවී ලකුණු 87ක් රැස් කර ගත්තේය.

    ඒ අනුව තරඟ දෙකකින් යුත් එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya