අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ පලමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

    මාර්තු 24, 2024

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද(23) දිනට තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබා සිටියා.



    අද දිනයේ දී බංගලාදේශ කණ්ඩායමේ පලමු ඉනිම ලකුණු 188 කට  සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. බංගලාදේශය වෙනු‍වෙන් Taijul Islam ලකුණු 47 ක්, Litton Das ලකුණු 25 ක්, Khaled Ahmed ලකුණු 22 ක් සහ Shahadat Hossain ලකුණු 18 ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 04 ක් ද, ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් ද බිඳ හෙළීමට සමත් විය.

    ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත් අතර, එහිදී නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් ලබා ගත්තා.

    මේ වන විට ශ්‍රී ලංකා පිළ බංග්ලාදේශයට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් පසුවන අතර හෙට(24) තරඟයේ සිව්වැනි දිනයයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya