අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    T-10 ක්‍රිකට් වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා

    ඔක්තෝබර් 30, 2023

    මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙිසිය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

    මෙම තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය එම මස 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමද විශේෂත්වයකි.

    තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ පිරිමි අදියර සමගාමීව ලොව සිටින සුපිරි කාන්තා ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ද කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම වේ.

    ප්‍රධාන තරගාවලිය වන පිරිමි තරගාවලිය සදහා කණ්ඩායම් හයක් තරග වැදීමට නියමිතව තිබෙන අතර එම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ප්‍රකට නගර හයක් කේන්ද්‍ර කරගනිමින් සකස් කෙරෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

    අදාළ තරගාවලිය සදහාා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මේ වන විටත් ආරම්භකර තිබෙන අතර එය ලබන 05 වැනිදායින් අවසන් වනු ඇත. http://ttensports.com/ යන වෙබ් සබැඳිය හරහා අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya