අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ශූරයිනුත් පරදවමින් ශ්‍රී ලංකාව ඉදිරියට

    ඔක්තෝබර් 27, 2023

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(26) සමත් වුණා.

     

    කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 33 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණි.

    පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Ben Stokes ලකුණු 43 ක් හා Jonny Bairstow ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2ක බැඟින් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 26 වන පන්දුවාරය තුල කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකළා. පන්දුවට පහරදීමේදී නොදැවී පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 77 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් David Willey කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    තරඟයේ වීරයා බවට ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත් ළහිරු කුමාර පත්විය. 2019 වර්ෂයේදී ලෝකශූරතාව හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම එම වසරේදී මෙන්ම මෙවර තරඟාවලියේදී ද ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයක්.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya