මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනු සුදේශ් පීරිස්ට මුදල් ත්‍යාගයක්

    සැප්තැම්බර් 02, 2014
    20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදුන් සුදේශ් පීරිස් ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිරිනමනු ලැබූ රුපියල් ලක්ෂ 30ක මුදල ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.
     
    සුදේශ් පීරිස් මහතා මේ වන විට ජපානයේ ජීවත්වන නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරියටත් තරගවලට ඉදිරිපත් වන බැවින් ඔහුගේ පුහුණුවීම් අඛණ්ඩව කරගෙන යාමට මාසික දීමනාවක් ද ලබා දීමට කටයුතු කරන බවත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සුදේශ් පීරිස් ක්‍රීඩකයාගේ ක්‍රීඩා කටයුතුවල තවදුරටත් උදව් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව මෙහිදී ඇමතිවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, ප්‍රධාන ගණකාධිකාරිනී අයි.ඒ.එස්.එස්. සිරිමාන්න, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වුහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya