මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොමිලේ සඳ වටේ චාරිකාවක් යන්න 8 දෙනෙකුට අවස්ථාවක්

    මාර්තු 05, 2021

    සඳ වටා චාරිකාවක් සඳහා ජපානයේ ප්‍රකෝටිපති යුසාකු මෙෂාවා(Yusaku Maezawa)මහජනයාට ආරාධනා කර සිටී. එම සංචාරය සඳහා අවස්ථාව හිමිවන්නේ අටදෙනකුට පමණි.

    මේ සඳහා ඊලොන් මස්ක් ගේ 'SpaceX'නැමති අභ්‍යවකාශ යානයක් භාවිතා කිරීමට නියමිත බවට වාර්තා වේ. ඊලෝන් මස්ක් (Elon Musk)යනු 'SpaceX'අභ්‍යවකාශ තාක්ෂණික ව්‍යාපෘතියේ ප්‍රධාන කලමණාකරුය. 'SpaceX' ආයතනයේ ප්‍රධාන සැලසුම්කරු වන ඔහු රොකට් වැඩිදියුණු කරනු ලැබීම සහ අභ්‍යවකාශ චාරිකා මෙන්ම වෙනත් ග්‍රහලෝක කරා ක්‍රියාත්මක කෙරෙන අභ්‍යවකාශ චාරිකා අධීක්‍ෂණය කරයි.

     

    'සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට මට අවශ්‍ය කරනවා'' ට්විටර් පණිවුඩයක් මගින් යුසාකු මෙෂාවා දන්වා සීටී. ඒ සඳහා අයැදුම් කිරීමට ඉල්ලුම් පත්‍රයක් ද පළකරනු ලැබ තිබේ.

    මෙම ගමන සඳහා සියලු බරපැන දරනු ලබන්නේ යුසාකු මෙෂාවා විසිනි වන අතර ඒ සඳහා සහභාගී වන සියලු දෙනා හට කිසිඳු මුදලක් ගෙවීමකින් තොරව මෙම අනර්ඝ අවස්ථාව සඳහා එක් විය හැක.

    2023 වසරේදී ක්‍රියාත්මක කිරීමට නිමිත මෙම සංචාරය ''ආදරණීය සඳ'' යන තේරුම දෙන 'dearMoon' ලෙස නම්කරනු ලැබ ඇත.

    මෙම සඳවට චාරිකාව සඳහා හවුල්වීමට අපේක්ෂාකරන අභ්‍යවකාශ මගීන් විසින් 'SpaceX' මගීන් සිය සෙසු ගමන් සගයන්ට ඕනෑම මට්ටමක උපකාරයක් සිදුකිරීමට ඉදිරිපත්වීමට සූදානම් විය යුතු අතර සමාන අපේක්‍ෂා හුවමාරුකර ගනු ලබන යානයේ කාර්යමණ්ඩලයට සහයෝගය දීමට කැමැතිවිය යුතුය.

     

    සඳවට සවාරිය සඳහා ආරාධනා කරන යුසාකු මෝස්තර ව්‍යාපාරයක් හිමි ධන කුවේරයෙකි. එපමණක් නොව, ඔහු කලා කෘතීන් එක්රැස් කරන්නකු ද වෙයි. ඔහුගේ පළමු සැලසුම වී තිබුණේ ''කලාකරුවන්''පිරිසකට 'Starship' අභ්‍යවකාශ රොකට් චාරිකාව සඳහා ආරාධනා කිරීමය.එහෙත් පසුව එම සැලසුම වෙනස්කර තිබෙන්නේ ලෝකය පුරා මිනිසුන්ට ඊට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමේ අදහසිනි.

    එම චාරිකාව වෙනුවෙන් ගෙවීමට එකඟ වූ මුදල අනාවරණය කොට නැතත්, එය විශාල මුදලක් බවට දැනගන්නට ලැබෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya