මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය දූෂණයෙන් නවදිල්ලිය ලොව අංක එකට

    ජූලි 22, 2015

    පරිසරය දූෂණය වී ඇති නගර අතුරින් ඉන්දියාවේ නව දිල්ලි නගරය ලොව අංක එකට පත්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි.


    මේ දක්වා වැඩියෙන්ම පරිසර දූෂණයට ලක්වූ නගරය බවට නම්කර තිබුණේ චීනයේ බිජිං නගරයයි.  නව දිල්ලියේ පදිංචි වී සිටින සහ දිනපතා නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සෞඛ්‍යමය වශයෙන් දැඩි අනතුරකට මුහුණු දීමට සිදුවී ඇත.

     

    නව දිල්ලි නගරයේ දරුණු පරිසර දූෂණයට ප්‍රධානත ම හේතුව වී ඇත්තේ දූවිලි සහ වාහනවලින් පිටවන දුම බව එම වාර්තාව නිගමනය කර තිබේ. පරිසර දූෂණය හේතුවෙන් වසරකට ඉන්දියාවේ පෙණහළු රෝගවලින් මිය යන සංඛ්‍යාව මිලියන 1.3ක් බව සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එළිදක්වා ඇති මෙම වාර්තාවේ වැඩිම පරිසර දූෂණයට ලක්වු රටවල් 20ක් නම්කර තිබේ. ඉන් හතරක්ම ඉන්දීය නගර විම වි‍ශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya