අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාසා කෙප්ලර් දුරේක්ෂයෙන් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයා ගැනේ

    ජූලි 26, 2015

    ආලෝක වර්ෂ 1400ක් දුරින් පිහිටි පෘථිවියට වඩා සියයට 60 ක් පමණ විශාල පෘථිවියට සමාන ග්‍රහලෝකයක් තිබෙන බව නාසා ආයතනය සොයා ගෙන ඇත.

     

    නාසා ආයතනයේ බලවත්ම කෙප්ලර් දුරේක්ෂය භාවිතා කරමින් විද්යාඥයන් විසින් පෘථිවිය හා සමාන බවට ලක්ෂණ පෙන්නුම් කෙරෙන සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් Cygnus තාරකා මණ්ඩලයේ පිහිටි ග්‍රහලොවක් සොයා ගැනීමට සමත් වී ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.

     

    ඒ හා සමාන ප්‍රමාණයේ ග්‍රහලෝකයක් මීට පෙර ද විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති අතර, කෙප්ලර් 452b ලෙස නම් ලද නවතම ග්‍රහලෝකය හිරුටත් වඩා පැරණි පෘථිවි කක්ෂය හා සමාන දුරකින් එහි ලක්ෂ්‍යය වටා භ්‍රමණය වන තරුවකි.

     

    "එය සූර්යයා වැනි තරුවක් වටා භ්‍රමණය වන ප්‍රමාණයෙන් හා උෂ්ණත්වයෙන් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයා ගැනීම තාරකා විද්‍යාවේ විශාල ප්‍රගතියක පෙන්නුම් කරනවා" කෙප්ලර් පර්යේෂණ විද්යාඥයකු වන ජෙෆ් කොෆ්ලින් මහතා කැලිෆෝනියාවේ පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත.

     

    කෙප්ලර් 452b ග්‍රහලෝකය ගල් සහිත මතුපිටක් හා පෘථිවිය හා සමාන ජීවය සඳහා අත්‍යවශ්‍ය මතුපිට දියර ජලය අවශ්‍ය දුර ප්‍රමාණයකින් ගර්භය තුළ ස්ථාන ගත වී ඇති බවට එහි විශාලත්වය මත පදනම්ව විද්‍යාඥයන් විශ්වාස කරති.

     

    මෙම පර්යේෂණය තාරකා විද්‍යාත්මක ජර්නලයේ එළඹෙන කලාපයේ පළ කරනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya