අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ අත්පන්දු ක්‍රීඩාව ප්‍රචලිත කරයි

    ජූලි 02, 2015
    සබරගමු පළාතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ තරුණ ප්‍රජාව අතර අත්පන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු යොදා ඇති අතර මෙහි සමාරම්භය පසුගිය දා රඹුක්කන දැලිවල ගම්මානයෙන් ආරම්භ විය.
     
    ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව දිවා රාත්‍රී ක්‍රීඩා කළ හැකි අංග සම්පුර්ණ අත්පන්දු ක්‍රීඩා පිටි මේ යටතේ ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. රත්නපුර හා කෑගල්ල දිසත්‍රික්ක දෙකේ විශාලම මැතිවරණ කොට්ඨාස ඉලක්ක කරගනිමින් මෙවන් අත්පන්දු ක්‍රීඩා පිටි සබරගමුව පළාත් සභාව මගින් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.
     
    ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව, පළාතේ ග්‍රාමීය ප්‍රදේශයන් හි ව්‍යාප්ත කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. එමෙන්ම පළාතේ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය සහ වෙනත් අපචාර ක්‍රියාවලට යොමුවීම වැළැක්වීම මෙහි තවත් එක් අරමුණකි. ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා දක්ෂ අත්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සබරගමුවෙන් බිහිකිරීම මෙහි තවත් ඉලක්කයකි.
     
    මෙම එක් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම හා ඊට අවශ්‍ය උපකරණ සැපයීම සඳහා සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 17ක් වැය කරයි.
     
    මෙම අවස්ථාවට සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya