මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජෝන්ටී රෝඩ්ස්ගෙන් කෙටි කාලීන පුහුණුවක්

    මැයි 27, 2015

    ලබන මාසයේ පැවැත්වෙන පාකිස්තානයට එරෙහි තරගාවලිය මූලික කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දින 10ක පන්දු රැකීමේ කෙටි පුහුණුවක් ලබා දීමට හිටපු දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු හා වත්මන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වන ජෝන්ටී රෝඩ්ස් (Jonty Rhodes), ඊයේ (26) දිවයිනට පැමිණ තිබේ.

     

    මෙහිදී රෝඩ්ස් විසින් පන්දු රැකීමේ නවතම තාක්ෂණික ක්‍රම පිළිබඳව පුහුණුකරුවන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ජාතික කණ්ඩායම් හා අනෙකුත් කණිෂ්ඨ කණ්ඩායම් දැනුවත් කර පුහුණුවක් ලබා දෙනු ලැබේ.

     

    රෝඩ්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ජාතික කණ්ඩායම් සඳහා පුහුණු කටයුතු කිරීමට සාකච්ඡා පවත්වා ඇති අතර, ඔවුන් විසින් මෙවැනි වැඩසටහනක් මෙහෙයවීමට ආරාධනා කරනු ලැබීමෙන් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya