අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චර්ම පිළිකාවලට නව ප්‍රතිකාරයක්

    මැයි 28, 2015

    වර්ධනය වූ චර්ම පිළිකාවලට ප්‍රතිකාර කිරීමට ඉහළ ප්‍රතිඵලයක් අත්කර දෙන හර්පීස් වෛරසය පදනම් කරගනිමින් නිපදවූ නව ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගත් බව පර්යේෂකයින් කණ්ඩායමක් පවසති.

     

    මෙම සොයා ගැනීමේ පළමු ධනාත්මක අදියර තුළදී එක් වෛරසයක් නැසීමට තවත් වෛරසයක් යොදා ගැනීමේ සාර්ථක ප්‍රතිඵල අත්කරදුන් ක්‍රමවේදය භාවිතා කර ඇත. එය "virotherapy" ලෙස හඳුන්වනු ලැබේ.

     

    ඒ අනුව මෙම නව ප්‍රතිකාර ක්‍රමය සඳහා මුඛය තුල හෝ මුඛය අසල හට ගනු ලබන සැරව ගෙඩි ඇති වීමට බලපාන හර්පීස් වෛරසය වෙනස්කම් වලට භාජනය කිරීමෙන් නිපදවන ලද වෛරසයක් යොදා ගන්නා බව එම පර්යේෂකයන් පවසයි.

     

    ලන්ඩනයේ පිළිකා රෝග පිළිබඳ පර්යේෂණ ආයතනය විසින් මෙහෙයවන ලද පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත්තේ ජානමය වශයෙන් වෙනස් කරන ලද හර්පීස් වෛරසය පිළිකා රෝගියෙකුට එන්නත් කිරීම මගින් වැඩෙන පිළිකා සෛල වල වර්ධනය නවත්වා එම සෛල විනාශ කර දැමීමේ හැකියාව පවතින බවයි.

     

    මේ වන විට එම විද්‍යාඥයින් කණ්ඩායම වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටින අතර ඔවුන් උත්සාහ කරන්නේ මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් වැඩි ප්‍රතිපල ලැබිය හැකි පිළිකා රෝගීන් හඳුනා ගැනීමටත් එමඟින් සාර්ථක ප්‍රතිකාරය ලොවට දායාද කිරීමටත්ය.

     

    ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ මෙම නව ප්‍රතිකාර ක්‍රමය වසරක් ඇතුලත පිළිකා රෝගීන්ට භාවිතා කළ හැකි මට්ටමට ගෙන ඒමට හැකි බවයි.

     

    මූලාශ්‍ර - ද ගාඩියන්

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya