අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරිය නොහැකි උණුසුමින් මිය ගිය සංඛ්‍යාව 1000කට අධිකයි

    මැයි 27, 2015

    ඉන්දියාවට බලපා අධික උෂ්ණත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 1000කට අධික බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට (122F) ආසන්න බව ද වාර්තා වේ.

    පසුගිය සතිය තුළ දකුණු දිග තෙලංගනා සහ ආන්ද්‍රා ප්‍රදේශවල අවම වශයෙන් 1,118ක් පමණ මිය ගොස් ඇත.

     

    බටහිර බෙංගාල සහ ඔරිස්සා ප්‍රදේශවල දී අධික උණුසුම නිසා අවම වශයෙන් 24දෙනෙකු පමණ සිට මිය ගොස් ඇති බව ද වාර්තා වේ. ඉදිරි දින කිහිපය පුරා ද ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

     

    අධික සූර්ය තාපයෙන් පීඩාවට පත්ව පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාව පුරා රෝහල්වල කාර්ය මණ්ඩල සැදී පැහැදී සිටින අතර මහජනතාවට නිවෙස් තුළම රැදී සිටීමට බලධාරීන් විසින් අවවාද කර ඇත.

     

    අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට දකුණු ඉන්දියානු ප්‍රාන්තවලට බලපා ඇති මෙම අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය සති දෙක තුළදී ය.

     

    බරපතල ලෙස අධික උෂ්ණත්වයෙන් පීඩාවට පත් ආන්ද්‍රා ප්‍රදේශ් හි පසුගිය සඳුදා වාර්තා වූ උෂ්ණත්ය සෙල්සියස් අංශක 47ක් වන අතර මරණ 852ක් වාර්තා වී ඇත.

     

    මේ තත්වයෙන් ආරක්ෂා වීමට හැකිතාක් හිස් ආවරණයක් නොමැතිව නිවසින් පිට නොයාම, ජලය පානය කිරීම හා වෙනත් පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ප්‍රාන්ත ආන්ඩුව විසින් රූපවාහිනී සහ වෙනත් මාධ්‍ය හරහා අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රාන්ත ආපදා කළමනාකරණය සඳහා විශේෂ කොමසාරිස් තුල්සි රාණි මහතා පවසා ඇති බව AFP පුවත් ආයතනය සඳහන් කර ඇත.

     

    ජනතාව සඳහා ජලය පහසුවෙන් ලබා ගත හැකි වන ආකාරයට පානීය ජල කඳවුරු සියලුම නගරවල විවෘත කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

     

    මෙම අධික උෂ්ණත්වය අඟහරුවාදා වනවිට තෙලංගනා ප්‍රදේශය තුළ මදක් පහළ වැටී ඇති අතර මෙම සතිය අවසන් වන විට ආන්ද්‍රා ප්‍රදේශ් හිද උෂ්ණත්වය පහත වැටීමට ආරම්භ වෙතැයි අපේක්ෂා කෙරේ.

     

    මෙම මාසය අවසානයේ ග්‍රීෂ්ම මෝසම් කාලය ආරම්භ වනවිට කාලගුණය තවදුරටත් සිසිල් වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

     

    කාලගුණවිද්‍යා නිලධාරීන් පවසන්නේ ඉන්දියාවට බලපා ඇති වැසි හිඟකම මෙම අධික උණුසුමට හේතු වී ඇති බවයි.

     

    මෝසම් වැස්ස ලැබීමට පෙර මෙම කාලගුණය අයහපත් බලපෑම් එල්ල වූ රාජ්‍යයන් කිහිපයක් නියඟයෙන් පීඩාවට පත් වෙතැයි බියක් ද පවතියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya