අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශිකයන්ගේ සහභාගීත්වයෙන් නව වාර්තා තබමින් විජයබාහු මෝටර් ක්‍රොස් නිමා වේ

    මැයි 26, 2015
    විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ  විජයබාහු මෝටර් ක්‍රොස් - 2015  පෙරේදා (24) බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන ධාවන පථයේදී  ක්‍රීඩා ලෝලීන් 3000කගේ පමණ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ  සාර්ථකව පවත්වන ලදී.
     
    13 වන වතාවටත් පැවැත්වූ විජයබාහු මෝටර් ක්‍රොස් තරගාවලිය කිලෝ මීටර් 2ක දුරක් පැවති අතර වංගු දාහතරක් සහ  ද්විත්ව පිමි දෙකක්  සහ තනි පිම්මවල් හතරක් ඇතුළත් මෙම ධාවන පථය ඉතා අසීරු ධාවන පථයක් වේ. 
     
    ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය සමඟ එක්ව විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගි වූ අතර, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.
     
    මෙහිදී තරග ඉසව්  14ක් යටතේ ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් නියෝජනය කරමින් දේශීය සහ විදේශිය මෝටර් රථ ධාවනකරුවන් 100කට අධික පිරිසක් සහභාගී වූහ.
     
    විජයබාහු පාබල රෙජිමේන්තුවේ දේශය වෙනුවෙන් දිවි පිදූ විරුවන් සහ රණක්ෂිතයට පත් වූ විරුවන් මෙන්ම රණ විරු පවුල්වල සුබසාධනය සඳහා විජයබාහු මෝටර් ක්‍රොස් ධාවන තරගාවලිය පවත්වන්නට යෙදිණි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya