මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැඩි උණුසුම 470කට අධික පිරිසකට මරු කැඳවයි

    මැයි 25, 2015

    ඉන්දියාව පුරා පවත්නා දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ 470කට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව ද හින්දු පුවත් වාර්තා කරයි.

    ඉන්දියාවේ අලහබාද් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක 47.7ක් බව සටහන් වී ඇත. ඒ අනුව, ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටට ආසන්න වී තිබේ. දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක 44 දක්වා ඉහළ ගොස් තිබේ.

     

    හැකිතාක් පිටතට නොගොස් නිවෙස් තුළ රැඳෙමින් දියර පානය කිරීමට උත්සාහ කරන මෙන් බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

     

    ඊයේ (24) වනවිට ආන්ද්‍රා ප්‍රදේශයේ පුද්ගලයන් 290ක් ද තෙලන්ගානා ප්‍රදේශයේ පුද්ගලයන් 186ක් ද අධික උෂ්ණත්වය දරාගත නොහැකිය මිය ගොස් ඇති බව වාර්තා වේ.

     

    උෂ්ණාධික තත්වය තවත් දින කිහිපයක් පැවතීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

     

    ආන්ද්‍රා හා තෙලන්ගානා ප්‍රදේශවල වෙරළාසන්නව ද බිහාර්, ජාර්කන්ද් සහ ඔඩිසා ප්‍රදේශයන් හි ඇතැම් නගරවල ද තවදුරටත් මෙම දැඩි උණුසුම් තත්වය පවතින බවත් නැගෙනහිර උත්තර් ප්‍රදේශය, මධ්‍ය ප්‍රදේශය, විදර්බා සහ චතිස්ගාර් යන ස්ථාන කිහිපයක හැර දිල්ලිය, හර්යානා හා රාජස්ථාන්වලටද මේ තත්වය බලපාන බවත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya