මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IPL ශූරතාව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට

    මැයි 25, 2015

    ලකුණු 41 කින් චෙන්නායි සුපර් කිංග්ස් පරදවා මුම්බායි ඉන්ඩියන්ස් පිල දෙවන වරටත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ (IPL) ශූරතාව දිනා ගැනීමට ඊයේ රාත්‍රියේ (24) සමත් විය.

    තරගය ඊයේ රාත්‍රියේ (24) කල්කටා නගරයේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

     

    කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝණි පළමුවෙන් පන්දු රැකීමට තීරණය කෙරිණි. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී මුම්බායි ඉන්ඩියන්ස් පිල කඩුළු 05ක් දැවී ලකුණු 202ක් රැස් කළේය.

     

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ දී කඩුළු 08ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 161ක් පමණි.

     

    ලසිත් මාලිංග පන්දුවාර 4කදී ලකුණු25කට කඩුළු2ක් දවා ගැනීමට සමත් විය. පන්දු 26කින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද සහිතව ලකුණු 50ක් රැස් කිරීමට සමත් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ රෝහිත් ශර්මා තරගයේ වීරයා විය.

     

    SDF

    lasith

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya